ෂැංග්‍රිලා බෝම්බකරුට එරෙහි පැමිණිල්ලට නීතිපති උපදෙස් විමසයි

ජූනි 06, 2019

    පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටල් බෝම්බ ප්‍රහාරක ඊබ්‍රහිම් මොහොමඩ් ඉම්සබ් ඇතුළු සැකකරුවන් හයදෙනෙකුට එරෙහිව 2013 වසරේ ඇලුමිනියම් සහ තඹ අඩංගු කන්ටේනරයක් සොරකම් කිරිමේ චෝදනාවට ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ඉදිරිපත් කළ පැමිණිල්ලට නීතිපතිගේ උපදෙස් විමසීම සඳහා සැප්තැම්බර් 10 වනදා කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පොලීසිය අධිකරණය දන්වා සිටියේ මෙම නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බවයි.

    ඒ අනුව පැමිණිල්ල නැවත සැප්තැම්බර් 10 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳව වාර්තා කරන්නැයි රහස් පොලිසියට නියම කළේය.

    2013 වසරේ මැයි මස 30 වනදා රුපියල් ලක්ෂ 61 කට අධික වටිනාකමකින් යුත් තඹ සහ ඇලුමිනියම් ද්‍රව්‍ය අඩංගු කන්ටේනරයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඊබ්‍රහිම් අහමඩ් ඉන්සාබ් ඇතුළු පුද්ගලයින් හයදෙනෙකු සැකකරුවන් ලෙස නම් කරමින් ග්‍රෑන්පාස් පොලිසිය මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ජූනි 2019 15:29

    Latest News