නාවික හමුදාව තහනම් ධීවර දැල් 239 ක් සොයා ගනී

ජූනි 05, 2019

    නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (04) මහරුප් නගර් හී සිදුකළ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධි ධීවර දැල් 239 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික භට පිරිසක් සහ ශාර්ධාපුර, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකින් විකිණිමට සූදානම් මෙම දැල් තොගය සොයා ගෙන තිබේ. එහි තිබී මීටර් 50 ක දිගින් යුත් දැල් 114 ක් සහ මීටර් 100 ක දිගින් යුත් දැල් 125 ක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.

     ධීවර දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා තිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදී තිබේ.

    Latest News