ගුරුවරියගෙන් පැහැරගත් යතුරුපැදියට කමතේ දී ගිනි

ජූනි 03, 2019

    මීරිගම, කල්එළිය, උඩවෙල ප්‍රදේශයේ කමතක මඩුවක තිබිය දී ගිනිගත් යතුරු පැදියක් පල්ලෙවෙල පොලීසිය විසින් සොයාගනු ලැබීය.

    එය වයඹ පළාතේ ලියාපදිංචි කළ යතුරු පැදියක් බවයි, පොලීසිය පවසන්නේ. ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් වන එහි අංකය සඳහන්ව ඇත්තේ, BGG 3788 ලෙසයි. අපරාධයක් වසන් කිරීමට යතුරු පැදිය ගිනිතබා ඇද්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කෙරේ.

    එහි ඉන්ධන ටැංකියට රෙදි කැබලි පුරවා ගිනිතබා ඇති බවයි, පොලීසිය පවසන්නේ. යතුරු පැදිය කුරුණෑගල, මැටියගනේ ප්‍රදේශයේ ගුරුවරියකගෙන් පැහැරගත්තක් බව ද හෙළි වී තිබේ. එය හමුවී ඇත්තේ, මුස්ලිම් ජනතාව බහුලව ජීවත්වන ප්‍රදේශයක් වන උඩවෙල ග්‍රාම සේවා කොට්ඨාසයේ මඩුවක තිබියදී.

    Last modified on සදුදා, 03 ජූනි 2019 10:17

    Latest News