රටේම ක්‍රියාත්මක වැලි මාපියාවෙන් පරිසරය විනාශ වෙන්න දෙන්නේ නැහෑ; භූවිද්‍ය සභාපති

මැයි 31, 2019

    පරිසරය රැක ගනිමින් අනාගත පරපුරට එය දායදා කිරිමට ගත් නීතිපියවර හේතුවෙන් මතු වු වැලි මාෆියාව වැළැක්වීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයට හැකිවූ බව එහි සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි.

    අවුරුද්දක පමණ කාල පරාසයක් තුළ හරිත වැලි තොටුපල සංකල්පයට අනුගත වීමත් සමඟ පෙරට වඩා වැලි සැපයුම අඩු වී ඇති බව ඔහු කියා සිටියේ. දැනට ක්‍රියාත්මක වැලි මාපියාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කෑගල්ලේදී ඊයේ (30) යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයට මැදිහත්විමෙන් නීති රීති දැඩි වීම, බලපත්‍රයේ සඳහන් ප්‍රමාණයන් පමණක් කැණීම් කිරීමට සිදුවීම, ඒ පිළිබඳ නිරන්තර පරීක්ෂාව වැනි තත්වයන් තුළින් වැලි සැපයීමේ අඩුවිමක් ඇතිවු බව ඔහු පිළිගත්තේය. එසේ වුවද වැලි ඉල්ලුමේ වර්ධනය තුළින් මිළ ඉහල යාමක් සිදුවු බව ඔහු පවසයි. පනවා ඇති නීති නිසි අයුරින් ක්‍රියාත්මක කිරිමේ බලය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයට වන අතර එය සියයට සියයක් නිවැරදිව ඉටු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මේ අන්දමින් නීතිරීති ක්‍රියාත්මකවීම තුළ මාෆියාවක් ක්‍රියාත්මක විය හැකි නමුත් පරිසරය විනාශ කිරීමට ඉඩ ලබාදීම සිදු කළ නොහැකි බවත් අසේල ඉද්දවෙල මහතා පෙන්වදුනී. මෙය පොලොන්නරුවට පමණක් සීමාවුවක් නොවන බවත් එය මුලු ලංකාවේම ක්‍රියාත්මක වන්නක් බවත් ඔහු අවධාරනය කළේය

    Latest News