තානාපති කාර්යාලයක සහ වෙනත් වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්

මැයි 19, 2019

    ශ්‍රී ලංකාවේ පිහිටි විදෙස් තානාපති කාර්යාලයකට හා තවත් වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවේ.

    මෙම සයිබර් ප්‍රහාරය එල්ලව ඇත්තේ .lk සහ .com යන අන්තර් ජාල සම්බන්ධතාවන් සහිත වෙබ් අඩවි වලට බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිකාර සංසදය පවසයි. ඩොට් එල්.කේ සහ ඩොට් කොම් වෙබ් අඩවි 10කට පමණ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වි ඇති බව පරිගණක හිදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා පැවසීය. මෙරට පිහිටි කුවේට් තානාපති කාර්යාල වෙබ් අඩවියද මෙම සයිබර් ප්‍රහාරයට ලක්ව තිබේ.

    වෙබ් අඩවිවල දත්ත වෙනස් කිරීම සිදුව ඇති බව සිදුකළ මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේය. මේ වන විට සයිබර් ප්‍රහාරය පිළිබඳ පාරික්ෂණ ආරම්භ කර තිබේ.

    Last modified on ඉරිදා, 19 මැයි 2019 12:41

    Latest News