තවත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දෙයි

නොවැ 08, 2018

    තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මීට සුළුවේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුම් දුන්නා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා දිවුරුම් දුන්නා.

    බන්දුල ගුණවර්ධන මහතා ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයායි.

    සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එස්.එම්.චන්ද්‍රසේන මහතා දිවුරුම් දුන්නා. ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතායි.

    සාලින්ද දිසානායක මහතා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

    සී.බී.රත්නායක මහතා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයායි.

    මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා දිවුරුම් දී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 08 නොවැම්බර් 2018 10:31

    Latest News