සැළලිහිණි පියාපතට සමුදුන් ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වා (වීඩියෝ)

මැයි 14, 2019

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ ප්‍රවෘත්ති ෂර්ලි අනිල් ද සිල්වා මහතා ඊයේ සේවයෙන් විශ්‍රාම ගත්තා.

    ඔහු වසර 36ක තම සේවා කාලය තුළ ප්‍රශස්ත මාධ්‍ය මෙහෙවරක නිරත වූ පුරෝගාමී ජනමාධ්‍යවේදියෙක්.1983 වසරේ දී පුහුණුවන නිෂ්පාදන සහකාරවරයෙකු ලෙස ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති අංශයට එක්වූ ෂර්ලි අනිල් ද සිල්වා මහතා, සංස්ථාවේ අංශ ගණනාවක අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී ක්‍රියා කළා. ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදකවරයෙකු ලෙස විවිධ කුසලතා පළ කළ ඔහු, යුද බිමේ පුවත් වාර්තා කළ පළමු මාධ්‍යවේදියායි.

    පසු කාලීනව ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ධූරය හෙබ වූ ඔහුට එක්සත් ජාතීන්ගේ වාර්ෂික සැසිවාරය, පොදු රාජ්‍ය මණ්ඩලීය වාර්ෂික සැසිවාර වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඉසව් වාර්තාකරණයට අවස්ථාව හිමිවුණා. මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර. ජයවර්ධන මහතාගේ සිට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දක්වා රාජ්‍ය නායකයන්ගේ සාකච්ජා හා ප්‍රවෘත්ති ආවරණ ඉටු කිරීමේ විරල අවස්ථාව ද සිල්වා මහතාට හිමිවුණා. එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ ප්‍රවෘත්ති සාකච්ජාවක් ද ඔහු විසින් වාර්තා කරනු ලැබීම විශේෂත්වයක්. ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ පුරෝගාමීන් ඇගැයෙන අවස්ථා ගණනාවකදී, ෂර්ලි අනිල් ද සිල්වා මහතාගේ පුරෝගාමී මාධ්‍ය මෙහෙවර පැසසුමට ලක්වුණා.

    Retiremenrt px 900 14 05 19

    සංස්ථා සේවයෙන් විශ්‍රාම ලබන සිල්වා මහතා වෙනුවෙන් උත්සවයක් පැවැත්වුණේ, මැදිරි අංක තුනේදී. ඒ, අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජයරත්න මහතා ඇතුළු සංස්ථා නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. ෂර්ලි අනිල් ද සිල්වා මහතාගේ කෘතහස්ත සේවය එහිදී මහත් පැසසුමට ලක්වුණා. ඔහු දැන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2019 20:45

    Latest News