IMF ණය මු‍ද‍ලේ 5 වාරිකය ට අනුමැතිය

මැයි 14, 2019

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය මුදලේ පස්වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමි වේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ (13) දිනයේ දී ඊට අදාළ අනුමැතිය ලබා දී ඇති බව වාර්තා කළේය.

    ඒ අනුව අවසන් වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 164යි දශම එකක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතයි.

    තුන් අවුරුදු ව්‍යාපෘතියක් යටතේ 2016 වසරේ ජුනි මස 03 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම පහක මුදලක් ලබා දීමට එකඟතාව පල කරනු ලැබීය.

    අදාළ ව්‍යාපෘතියේ අවසන් වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ලබාදීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවේ.

    කෙසේවෙතත් පසුගිය ජනවාරි මාසයේ මෙරට බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව අදාළ ණය වාරිකය ලබාදීමට එකඟතාව පල විය.

    Latest News