වයඹට පනවා ඇති ඇඳිරි නීතියේ වෙනසක්

මැයි 14, 2019

    Up Date - වයඹ පළාතට පනවා ඇති ඇඳිරි නීතිය අද පස්වරු 4.00 ඉවත් කෙරේ.

    නැවත එය අද පස්වරු 6.00 ට ආරම්භ වන අතර හෙට උදේ 6.00 අවසන් වන බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසයි.

     

    දිවයිනටම ‍පැනවු ඇඳිරි නීතිය අවසන් - වයඹට තවමත් එය ක්‍රියාත්මකයි (08.38) 

    දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (14) අළුයම 4.00 දක්වා පැනවු පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේය.

    මීට අමතරව ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවු පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6ට අවසන් විය.

    වයඹ පළාතට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසුරිය, හෙට්ටිපොළ, කොබෙයිගනේ සහ රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ (13) පස්වරුවේ සිට පොලිස් ඇඳිරී නිතිය ක්‍රියාත්මක විය.

    මැයි (12) දින කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් කිහිපයකට පහර දුන් බවට වාර්තා වීමත් සමඟ ඇති වු නොසන්සුන්තාව හේතුවෙන් ඊයේ දිනයේ දී මෙලෙස වයඹ පළාතේ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවනු ලැබීය.

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2019 15:41

    Latest News