කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බසී...ජල විදුලි උත්පාදනයට බාධා

මැයි 12, 2019

    කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බැස ඇති බව වාර්තාවේ. ඒ හේතුවෙන් ජල විදුලි උත්පාදනයට බාධා පැමිණ තිබේ.

    එම ජල පෝෂක ප්‍රදේශවලට නිසි කලට වර්ෂාව නොලැබිම මෙයට හේතුවයි. කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල දැනට 30% පමණ ජල ධාරිතාවක් පවතින බවත්, එම ජලාශ දෙකෙන් කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන , විමලසුරේන්ද්‍ර සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පදනය සදහා ජලය සපයනු ලබයි.
    කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහල බැසිම හේතුවෙන් එම ජලාශයට යට වු දුපත් රැසක් සහ නටබුන් රැසක් මේ වන මතු වී තිබෙනු දක්නට ලැබේ.

    Latest News