රටේ ආරක්ෂාව තහවුරුයි......පැවති සාමකාමී වාතාවරණය සියයට සියයක් (වීඩියෝ)

මැයි 11, 2019

    මේ වනවිට රටේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර ඇතැයි, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසයි.

    එබැවින් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලෙස, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ “අපගේ වීරෝධාර ත්‍රිවිධ හමුදාව හා පොලිසිය කෙරෙහි ඔබගේ විශ්වාසය තබන ලෙසටත්, ඔවුන් රටේ මෙතෙක් පැවති සාමකාමී වාතාවරණය සියයට සියයක් නැවත ස්ථාපනය කිරීමට සැලසුම් සහගතව ක්‍රියාවට නංවා ඇති ආරක්‍ෂක විධිවිධාන මේ වනවිට පැය 24ක් පුරා දැඩි වගකීමකින් යුතුව ක්‍රියාකරමින් සිටින බව, මා මේ අවස්ථාවේ දී දන්වා සිටිනවා. සියලු පාසල්වල හා ආගමික ස්ථානවල, සංචාරක ස්ථානවල අවශ්‍ය පරිදි ආරක්‍ෂාව යොදා ඇති බව, තහවුරු කරමි. වගකිව යුතු රජයක් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය හරහා ජනතාව වෙත ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසටත් ඉල්ලා සිටින බව, ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පැවසීය.

    අද්මිරාල් රවීන්ද්‍ර ගුණසේකර මහතා “මේ ව්‍යසනය කළ ත්‍රස්තවාදීනුත්, ඔවුන්ට අනුබල දුන් වැඩි දෙනෙකුත් මේ වනවිට මරණයට පත්වෙලා තියෙනවා. එහෙම නැත්නම්, පොලිසිය සහ ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වෙලා තියෙනවා. ඔබගෙන් ඉල්ලා සිටින්නේ බිය නැතුව තමන්ගේ එදිනෙදා කටයුතුවල යෙදෙන ලෙසයි. ආරක්‍ෂක විධිවිධාන මේ ලෙසින් ඉදිරියටත් තබාගෙන යමින් ඔබට අවශ්‍ය ආරක්‍ෂාව ලබාදෙන බවට සහතික වන බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සඳහන් කළේය.

    Last modified on ඉරිදා, 12 මැයි 2019 10:08

    Latest News