පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තව්හිද් ජමාත් සාමාජිකයෙක් අත්අඩංගුවට......සැකකරු ප්‍රබල ව්‍යාපාරිකයෙක්

මැයි 10, 2019

    ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බව කියන ව්‍යාපාරිකයක බුහාරි මොහොමඩ් රාෆික්ගේ නිල කාමරයේ තිබි රුපියල් ලක්ෂ 83ක මුදලක් කොම්පඤ්ඤ පොලිසිය විසින් සොයාගෙන තිබේ.

    කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ඊයේ (09) මොහුව අත්අඩංගුවට ගනු ලැබිණ. අත්අඩංගුවට ගැනිමෙන් පසු සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී නිල කාමරයේ මේසයේ ලාච්චුවක තිබී මෙම මුදල අද(10) පොලිසිය විසින් සොයාගෙන තිබේ.  

    සැකකරු දෙහිවල පදිංචිව, සිටින අතර රැඳවුම් නියෝග මත පොලිසිය විසින් ප්‍රශ්න කිරිම සිදුවේ. මොහු පාස්කු ඉරුදින ප්‍රහාරයන්ට සම්බන්ධව ඇති බව පොලිසිය පවසයි.

    Last modified on සිකුරාදා, 10 මැයි 2019 18:01

    Latest News