කොච්චිකඩේ බෝම්බකරුගේ සහෝදරයා ඇතුළු 3ක් අත්අඩංගුවට..... තිදෙනාට දින 90ක රැඳවුම් නියෝග

මැයි 09, 2019

    කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ සහෝදරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

    සැකකරුවන් නිරීක්ෂණය සඳහා ලබන 23 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රහස් පොලිසියට නියෝග කර ඇත.

    ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් දින 90 ක රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් දෙදෙනා පොලිසිය භාරයේ රදවාගෙන ප්‍රශ්න කරන බව රහස් පොලිසිය අධිකරණයට දන්වා ඇත. එමෙන්ම අදාළ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරු පිළිබඳව නිශ්චිත හඳුනාගැනීම සඳහා ඩී.එන්.ඒ. වාර්තා කැඳවා ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ සඳහන් කර තිබේ.

    ඔවුන් මෙම අපරාධය සිදු කිරීම සඳහා ආධාර අනුබල දී ඇති බවට සැක පළ වී ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව රහස් පොලිසිය දන්වා ඇත. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් අතර ඔවුන් නිරීක්ෂණය සඳහා ලබන 23 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන්ද නියෝග කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 මැයි 2019 17:05

    Latest News