සේනා දළඹු බිත්තර විනාශ කළ හැකි, පරපෝෂිත සත්වයෙකු හඳුන්වා දෙයි

මැයි 07, 2019

    සේනා දළඹු බිත්තර විනාශ කළ හැකි, සේනා දළඹුවා වැනිම පරපෝෂිත සත්වයෙකු දිවයිනේ මුල්වරට හඳුන්වාදී තිබේ.

    ඒ, ගන්නෝරුව කෘෂි පර්යේෂණායතනය මගිනි. සාර්ථක ලෙස අත්හදා බලා ඇති සේනා දළඹු පරපෝෂිතයන් වගා බිම් වෙත මුදාහැරීම, මහියංගනය කෘෂිකර්ම බල ප්‍රදේශයට අයත් රිදීමාලියද්ද පින්නගොන්න, නවනැලිය වෙල්යායේදී පසුගියදා ආරම්භ කෙරිණ. දෙබර කුලයට අයත් මෙම සත්වයා බිත්තර දැමීම සිදු කරන්නේ, සේනා දළඹු බිත්තර ආශ්‍රිතවයි. එම බිත්තර සේනා දළඹු බිත්තර මතට වැටීමෙන් සේනා දළඹු බිත්තරවලින් 90%ක් පමණ විනාශයට පත්වේ. ඉතිරි ප්‍රමාණය විනාශ කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරන බව, ගන්නෝරුව උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.

    Minister px 900 07 05 19

    සේනා දළඹු උවදුරින් වගා හානි සිදුවූ මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට අද (07) රුපියල් කෝටි 12ක වන්දි ප්‍රදානය කෙරිණ. ඒ, අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. වන්දි හිමිවූ පිරිස 1,607 දෙනෙක්. ගොවි බිම්වලට අර්ධ හානි සිදුවූ ගොවීන් 10,000ක් සඳහා ද වන්දි මුදල් ලබාදීමට පියවර ගෙන තිබේ.

    Latest News