ග්‍රෑන්ඩ්පාස්හි ඝාතනයකට 4කට මරණීය දණ්ඩනය

මැයි 07, 2019

    පුද්ගලයෙකුට පොලුවලින් පහර දී කපා කොටා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් සිව් දෙනකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කරයි.

    කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කර ඇත.

    2008 වසරේ දෙසැම්බර් මස දෙවන දා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ස්ටීවන් ජෙයචන්ද්‍රන් හෙවත් සින්නප්පු නැමැති පුද්ගලයාට පොලුවලින් පහර දී කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩුවක් ගොනු කර තිබිණ.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කළේ විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව එල්ල කර තිබූ මිනීමැරීමේ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි. ඒ අනුව ඔවුන්ට මරණීය දණ්ඩන නියම කරන බව ද විනිසුරුවරයා සඳහන් කළේය.

    චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් එක් විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියම කර තිබේ.

    Latest News