LTTE යේ උණ්ඩ තොගයක් සොයා ගැනේ..... සැකපිට කාන්තාවක් අත්අඩංගුවට

මැයි 05, 2019

    පිටකෝට්ටේ ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී Ltte යුද සමයේ භාවිතා කළ උණ්ඩ 193 ක් සොයා ගැනීමට මිරිහාන අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්වි තිබේ.

    මෙම වැටලීමේදි එල්.ටී.ටී.ඊ යේ අරුල් 89 වර්ගායේ මෝටාර් බෝම්බයක් ද සොයාගෙන ඇත.

    මිරිහාන කොට්ඨාස බුද්ධි අංශයේ ස්ථානාධිපතිට ලද තොරතුරක් අනුව මෙම සෝදිසි කිරිම කර තිබේ.

    මෙම උණ්ඩ සජීවි තත්වයේ පවතින අතර උණ්ඩ තොගය සමඟ නිවසේ හිමිකාරිය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ මිරිහාන පොලිසිය මගින් සිදු කරයි.

    Latest News