ජනාධිපතිතුමාගේ මැයි දින පණිවුඩය

මැයි 01, 2019

    එක් මිනිස් සමූහයක් ලෙස ‍අයෝන්‍ය සහජීවනය ද උවදුරින් තොර ජීවන පරිසරයක් ද උදෙසා වඩා තිර ලෙස ඉදිරියට යාමට මෙවර මැයි දිනයේදී අධිටන් කරගනිමු

    යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අදට යෙදෙන 133 වැනි කම්කරු දින සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාව යනු වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ලෝක කම්කරු සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල එකඟතා නිර්ණායක අනුව සහයෝගයෙන් කටයුතු කරන දේශයකි. ශ්‍රමයේ බලය හිමි ජනතාවගෙන් තොරව කිසිදු ක්ෂේත්‍රයක සඵලත්වයක් අත්කරගත නොහැකි බව වටහාගෙන සිටින අපි යහපත් අනාගතයක් නිර්මාණය කරනු පිණිස ශ්‍රමයේ බල මහිමය අවබෝධ කරගෙන සිටිමු. කම්කරු ජනතාවගේ අයිතීන් දිනාගැනීමට සාමූහිකව හඬ නැගිය යුතු බව, මෙරට මුද්‍රණ ශිල්පී කම්කරුවන් ප්‍රථමයෙන් අවබෝධ කර ගත් අතර පසුව විවිධ වෘත්තිකයන් සිය අයිතීන් වෙනුවෙන් හඬ නැගීම ආරම්භ කළේය. එම නොනිමි අරගලවල වර්තමානය, අනාගත සංවර්ධිත මාවත් එළි පෙහෙළි කරනු ඇතැයි ද ඒ සඳහා සියලු කම්කරු ජනතාවට තම ගෞරවය පළ කරන බවද ජනාධිපතිතුමා සිය මැයි දින පණිවුඩයෙන් කියා සිටියි.

    mayday02

    Last modified on බදාදා, 01 මැයි 2019 12:10

    Latest News