මඩකළපුව දේවස්ථාන ප්‍රහාරයේ යතුරු පැදියක් මාට්ටු...... අංක තහඩුව කැබලිවලට කපයි

අප්‍රේ 29, 2019

    පසුගිය පාස්කු ඉරිදා මඩකළපුව සියොන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණියේ යැයි සැක කරන යතුරු පැදියක් සොයා ගනී.

    ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත ලැබුණු තොරතුරක් මත නිට්ටඹුව පොලිසිය විසින් ගම්පහ තිහාරිය ප්‍රදේශයේ දී ඊයේ (28) මෙම යතුරු පැදිය සොයාගෙන ඇත. යතුරු පැදිය තිබූ නිවස පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී අල්මාරියක් තුල යතුරුපැදියේ අංක තහඩුව කැබලිවලට කපා තිබී සොයාගැනීමට හැකිව තිබේ.

    මඩකළපුව සියොන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කිරීමට යතුරු පැදි දෙකක් පැමිණි බවට තොරතුරු ලැබී ඇති අතර මෙය එම යතුරු පැදි දෙකෙන් එකක් යැයි සැක කෙරේ. සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 20:15

    Latest News