බුර්කාව මුස්ලිම් සමාජය එපා කියයි..... මේ අවස්ථාවේ ජාතික ආරක්ෂව වැදගත්

අප්‍රේ 28, 2019

    බුර්කාව සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය අනුමත නොකරන බව, මුස්ලිම් ආගමික නායකයින් සහ ජනතාව පෙන්වා දෙයි.

    රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ බුර්කා පැළඳීම නොකරන ලෙස, ඔවුන් මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටී. සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය තුළ කාන්තාවට උචිත ඇඳුමක් ලෙස හිජා පැළඳීම දැකිය හැකිවේ. නමුත් ස්ලාම් අන්තවාදීන්ගේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ විවිධ රටවල ද මුස්ලිම් කාන්තාවන් බුර්කාව පැළඳීම සිදු කෙරේ. මෙමඟින් මුහුණ සම්පුර්ණයෙන්ම ආවරණය වන අතර, ඇය හඳුනා ගැනීමේ අවස්ථාව ද අහිමිවේ.


    මුස්ලිම් කාන්තාව බුර්කාව පැළඳිය ද පසුගිය කාලයේ විවිධ පුද්ගලයන් බුර්කාවට මුවා වී සමාජ විරෝධි ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සාක්‍ෂි සහිතව ආරක්‍ෂක අංශ තහවුරු කරගෙන තිබේ. පසුගිය පාස්කු ඉරිදා සිදු කළ ප්‍රහාරය සැලසුම් කිරීමේ දී බුර්කාවට මුවාවී ත්‍රස්ත ක්‍රියාකාරකම් රැසක් සිදුකර ඇති බවට අනාවරණවී ඇත. මේ හේතුවෙන් මුස්ලිම් සමාජයෙන්ම බුර්කාව ඉවත් කළ යුතු යැයි හඬක් නැගී තිබේ.

    සාමාන්‍ය මුස්ලිම් ජනතාව ඉල්ලා සිටින්නේ ආගම අනුමත නොකරන බුර්කාව පැළඳීමෙන් සමස්ත මුස්ලිම් කාන්තාවම ඉවත්වන ලෙසයි.

     

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 11:26

    Latest News