මිගමුව නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අන්සාර් ආයුද සමඟ අත්අඩංගුවට

අප්‍රේ 27, 2019

    මිගමුව නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අන්සාර් මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහු සතුව තිබි මන්නා පිහියක්, කඩුවක් සහ ජංගම දුරකථන බැටරි 38ක් පොලිස් බාරයට ගෙන තිබේ. මොහොමඩ් අන්සාර් මහතා පසුගිය පලාත් පාලන ඡන්දයේදි පොදුජන පෙරමුණේන් තරග කර ජය ගැනිමෙන් පසු මීගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්විය.

    මේ අතර මීගමුව තෙල්වත්ත හංදිය ප්‍රදේශයේ පාවුළු පාප් මාවතේ පිහිටි හිස් ඉඩමක තිබී ගිනිඅවියක් සහ උණ්ඩ තොගයක් සොයා ගෙන තිබේ. අදාළ ඉඩමේ හිමිකරු විසින් පිරිසිදු කිරීම් සිදු කරන අවස්ථාවකදී සැකකටයුතු පොහොර උරයක් තුළ තිබී මෙම ගිනිඅවිය සහ උණ්ඩ තොගය සොයා ගත් බව පොලීසිය පවසයි.

    එම පොහොර උරයේ තිබී මැගසින් 02ක්, ටී 56 උණ්ඩ 30ක් සහ ජීව උණ්ඩ 130ක් සොයා ගැනිණ. මීගමුව කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය විමර්ශන සිදු කෙරේ.

    Latest News