පුද්ගල ඝාතන සැකකාර කළුවා යළි රිමාන්ඩ්

අප්‍රේ 24, 2019

    රණවකගේ ධම්මික නුවන් රණවක  හෙවත් කළුවා  අද (24 ) දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු එළඹෙන මැයි මස 07 දින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්ච්චි මෙනවිය නියෝග කළේය.

    ඔහු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කලේ 2018 10.27 දින මාතර රොටුඹ ප්‍රදේශයේ දී නාලක පුෂ්ප කුමාර යන ව්‍යාපාරිකයා සහ ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන ඔහුගේ සහායකයා රොටුඹ ප්‍රදේශය වෙළඳසල තුළදී ටී-56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ අපරාධය සඳහා වෙඩික්කරු සපයාදීමට කටයුතු තොරතුරු සහ විමර්ශන වලදී  අනාවරණය වි තිබීම හේතුවෙනි.

    මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් ඊයේ(23)පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපල ඒකකය විසින් (23) දින අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව අද(24) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමට රොටුඹ පොලිසිය කටයුතු කළේය.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 15:49

    Latest News