ශ්‍රී ලංකාව නමැති ආදරණීය දේශයට සහය දක්වන්න;පාප් වහන්සේ

අප්‍රේ 22, 2019

    ශ්‍රී ලංකාව නමැති ආදරණීය දේශයට මේ අවස්ථාවේ සහය දැක්වීම සඳහා ඉදිරිපත් වන්නැයි, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

    අද ශාන්ත පීතර බැසිලිකා චතුරශ්‍ර යේ පැවති දේශනයකදී උන් වහන්සේ මේ බව කියා සිටියේය. ශුද්ධෝත්තම පාප් වහන්සේ අද පිට-පිට දෙවැනි දිනටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් යාඥා කිරීම විශේෂත්වයක්. ඉතාලියේ නිවාඩු දිනයක් ලෙස සැලකෙන පාස්කු සඳුදා දිනයේ ආගමික දේශනය පාප් වහන්සේ විසින් පවත්වනු ලැබීය. ඒ, ශාන්ත පීතර බැසිලිකා චතුරඝ්‍රයට රැස්ව සිටි සිය ගණන් බැතිමතුන් ඉදිරිපිටදී.

    “මම නැවතත් මගේ ආධ්‍යාත්මික හා පීතෘ ලබැඳියාව ශ්‍රී ලංකාවාසීන් වෙත දක්වන්නට කැමති. මගේ සහෝදර මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ශ්‍රී ලංකා කතෝලික සභාව සමඟ සමීපව කටයුතු කරනවා. තුවාල ලැබූවන් හා විපතට පත්වූවන් වෙනුවෙන් මා යාඥා කළා. මම හැම දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ, ආදරණීය ශ්‍රී ලාංකීය ජාතියට සහය දැක්වීමට මේ අවස්ථාවේ පසුබට නොවන ලෙසටයි. මම විශ්වාස කරනවා, සියලු දෙනා මේ අමානුෂික ත්‍රස්තවාදී ක්‍රියා හෙළා දකිනු ඇතැයි කියා.“

    Latest News