නිවසින් පිටව සිටි බිරිඳට දැමු චන්ඩි පාට් එකෙන් ගිය ගමනක්

අප්‍රේ 15, 2019

    අම්බලන්තොට, උහපිටගොඩ ප්‍රදේශයේදී දෙපිරිසක් ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් වු පහර දීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

     මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට මාමඩල බැමිණියන්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් වන එස් එම් කසුන් එරන්දික නැමති අයෙකු මෙසේ මිය ගොස් ඇත.

    මියගිය පුද්ගලයා මීට මාස 03කට පමණ පෙර සිට බිරිඳගෙන් වෙන්ව ජීවත්ව සිට ඇති අතර ඊයේ තවත් 4 දෙනෙකු සමඟ අම්බලන්තොට උහපිටගොඩ බිරිඳගේ නිවසට පැමිණ බිරිඳගේ සොහොයුරාට ආයුධයකින් පහර දී තුවාල කර නැවත නිවසට යමින් සිටිය දී කිසියම් අයෙකු අතින් ඝාතනයට ලක්ව තිබේ.

    ඝාතනය සම්බන්ධයෙන් හුංගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරුවන් 4 දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. තුවාල කරුවන්ගෙන් දෙදෙනෙකු හම්බන්තොට රෝහලේ සහ එක් අයෙකු අම්බලන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි.

    Latest News