පොලිසිය සිරුවෙන්: ගැට කපන්නන්ට සහ බිමත් රියදුරන්ට අලුත් ක්‍රමයක්

අප්‍රේ 11, 2019

    සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ කොළඹ නගරයේ ආරක්ෂාවට සහ රථවාහන රාජකාරි වෙනුවෙන් 2400 ක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබේ.

    ඉන් 1800 ක නිලධාරීන් ප‍්‍රමාණයක් රථවාහන රාජකාරි සඳහාත් සෙසු පිරිස ආරක්ෂක රාජකාරි වෙනුවෙන් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. බීමත් රියදුරන්, වංචනික වෙළෙදුන් හා ගැටකපන්නන් අත්අඩංගුවට ගැනීමට සඳහා සාමාන්‍ය ඇඳුමෙන් ද පොලිස් නිලධාරීන් සේවයට යොදවා ඇත.

    පොලිස් මාධ්‍ය පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව පැසුමේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

    මේ අනුව අලුත් අවුරුදු සමයේ සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ අද (11) සිට 20 වැනිදා තෙක් දින 10 ක කාලක් දිවයින පුරා ක්‍රියාක්මක කෙරේ. අප්‍රේල් මස මාරක රිය අනතුරු බහුල වශයෙන් සිදුවන මාසයක් බවත් ඉන් වැඩිම රිය අනතුරු බීමත් රියදුරන් අතින් සිදුවන බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

    2016 වසරේ අප්‍රේල් මාසය තුළ මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 268 දෙනෙක් ද, 2017 වසරේ 320 දෙනෙක් ද, 2018 වසරේ 296 ක් මිය ගොස් ඇත.

    මෙම තත්ත්වය වළක්වා ගැනීමට බීමත් රියදුරුන් පරීක්ෂා කිරීම සඳහා ස්වසන පරීක්ෂණ නළ 25000 ක් ගෙන්නා ඇති අතර ඒවා දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදා දී ඇති තිබේ. 2019 ගත වු ජනවාරි , පෙරවාරි මාස දෙක තුළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම් 19342 ක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News