යක්කල ගිනිගත් නිවසේ කාන්තා මළ සිරුරක්

අප්‍රේ 09, 2019

    යක්කල,පිටුවල්ගොඩ ප්‍රදේශයේ නිවසක විදුලි කාන්දුවක් නිසා ඇතුවූ ගින්නකින් 69 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් පිළිස්සීමෙන් මිය ගොස් තිබේ.

    සිය නිවසේ ප්‍රධාන විදුල් ස්විචය වරින් වර අක්‍රීයවන බව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති තිබේ. අනතුරුව ඇය නැවතත් දුරකථන ඇමතුමක් දී විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට පැමිණීමට අවශ්‍ය නොවන බවට දැනුම් දී ඇත. නිවස ආසන්නයේ සිටින තම සොහොයුරියට ද විශ්‍රාමික ගුරුවරිය දුරකථන ඇමතුමක් ලබා දී සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.

    කෙසේ වෙතත්, ගිනි නිවීමේ අංශ පැමිණි ගින්න නිවා දැමීමෙන් පසුව නිවස පරීක්ෂා කිරීමේ දී පිළිස්සී මිය ගිය විශ්‍රාමික ගුරුවරියගේ සිරුර හමුව තිබේ. විදුලි පද්ධතියේ ඇතිවූ දෝෂයක් නිසා ගින්න හටගන්නට ඇතැයි, සැකකෙරේ. යක්කල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 11:57

    Latest News