අද කාලගුණ තත්වය

දෙසැ 21, 2024

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින වැසි වාර කිහිපයක් ඇති වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ ‍පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කොළඹ සිට ගාල්ල මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ තැන් තැන වැසි ඇති විය හැකි බව, එම නිවේදනයේ සඳහන්. මේ අතර, බේරුවල සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි.

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2024 10:19

    Latest News