පානදුර රෝහලත් දැන් ආපදාවට පෙර සූදානම්

අප්‍රේ 03, 2019

    ශ්‍රී ලංකාවේ ප්‍රථම හදිසි ආපදා පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකය පානදුර මූලික රෝහලේ දී ඊයේ(02) විවෘත කෙරිණ.

    ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ  පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය විසින්.

    යම් අනතුරක් සිදු වුවහොත් ඒ පිළිබද ඡායාරූප, වීඩියෝViber, WhatsApp සහ Imo මගින් 0704000044 යන දුරකථනයට යොමු කිරීමෙන් රෝහල දැනුවත් කිරිමට හැකියාව ඇති අතර රෝගියා රෝහලට රැගෙන එනවිට කඩිනමින් ප්‍රතිකාර කිරිම සදහා රෝහල සුදානම් කර තිබීම මෙහි විශේෂත්වයයි.තව ද අනතුර සිදු වූ ස්ථානයට කඩිනමින් ගිලන් රථ යැවීමේ හැකියාව ද පවතී.

    මෙවැනි නවීන තාක්ෂණය භාවිතා කරමින් හදිසි ආපදා පෙර සුදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයන් ඉදිරියේ දී වෙනත් රෝහල් වෙත ද ස්ථාපනය කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 03 අප්‍රේල් 2019 12:31

    Latest News