ගොවින්ට පමාවී ලැබුණ යල වන්දිය

අප්‍රේ 01, 2019

    යාන් ඔය ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් 2018 යල කන්නය වගා කිරීමට නොහැකි වූ ගොවීන්ට වන්දි ප්‍රදානය කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

    වාහල්කඩ ව්‍යාපෘතිය යටතේ ගොවීන් 71 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 67ක වන්දි මුදල් පිරිනැමිණ.

    අමාත්‍ය පී. හැරිසන් - “ජලාශයක් ඉදිකරන්නට පෙර වන්දි ලබාදීම් හා නැවත පදිංචි කිරීම් අවසන් කළ යුතුයි. නමුත් යාන් ඔය ජලාශයෙහි පරිසර වාර්තාව අනුමත කරගන්නේ ඉදිකිරීම් කටයුතු නිම කරලා ඉවරවෙලා. මම වනජීවි හා වන සංරක්ෂණ පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් 16 වතාවක් හමුවුණා. හමුවෙලා තමයි අදාල පරිසර වාර්තා ලබා ගැනීමට කටයුතු කළේ. දැන් අපේ අමාත්‍යාංශය යටතේ මම පහල මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කරනවා. බැම්මෙහි වැඩ පටන්ගන්න පෙර මම උපදෙස් දුන්නා නැවත පදිංචි කිරිම්, නිවාස ඉදිකිරීම් වගේම කුඹුරු ඉඩම් ලබා දිමේ කටයුතු අවසන් කරන්න කියලා. ඒ අනුව නිවාස 210ක වැඩ අපි ආරම්භ කරනවා. ජලාශයට යටවන ජනතාව වෙනුවෙන් ඉතා අංග සම්පූර්න නිවසක් අපි හදලා දෙනවා. ඒ වගේම පරිසර වාර්තා සම්පූර්ණ කරගත් පසුව පාරිසරික හානිය අවම වන පරිදි කුඹුරු ඉඩම් ද ඔවුන්ට ලබා දෙනවා. දැන් මේ යාන් ඔය හැමදාම උද්ඝෝෂණ, ප්‍රශ්න තිබුණා. එයට හේතුව වන සංරක්ෂණ වනජීවි පරිසර අමාත්‍යාංශය සමඟ හරි සබඳතාවයක් නොතිබුණු කාරණය. කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබුණේ නැ. මේ වන්දි ලබා දෙන්න මම මැදිහත් වෙලා වන්දි මුදල් නිර්දේශ කර ගත්තා. 2020 වෙනකොට වම් හා දකුණු ඉවුරු ඇළ මාර්ග නිම කරලා ජලාශය ජනතා අයිතියට පත් කරනවා. ඒ සමඟම ධීවර ගම්මාන 02ක් ඉදි කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා“යැයි අමාත්‍යවරයා කීය.

    yanoyafarmers1 px 900 19 04

     

    Latest News