හරක් කටා තංගල්ලට

මාර් 11, 2024
    කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක වික්රමරත්න හෙවත් හරක් කටා නමැත්තා තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි ත්රස්ත මර්ධන කාර්යාංශය යටතේ තිබෙන රැඳවුම් කඳවුරේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

    සැකකරුගේ ඇගිලි සළකුණු ලබාගෙන වාර්තාවක් හැඳින්වීමටද නියම වුණා. ඉන් අනතුරුව නඩුව අප්රේල් මස 26 වැනිදා දා කැඳවීමටද නියම වුණා.

    Latest News