යුක්තියට තවත් 955ක් අත්අඩංගුවට

ජන 23, 2024

    ඉකුත් පැය 24 තුළ දිවයින පුරා සිදු කෙරුණු පොලිස් මෙහෙයුම්වලින් විවිධ අපරාධවලට හා නීති විරෝධි ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 633 දෙනෙකු හා අපරාධවලට සම්බන්ධ ලැයිස්තුගත සැකකරුවන් 322 දෙනෙකු ඒ අතර වන බවයි.

    බුත්තල - ගෝනගංආර පොලිසිය, යාල ජාතික වනෝද්‍යානයේ දී සිදු කළ වැටලීමකදී වියළි ගංජා කිලෝ ග්‍රෑම් 220 ක් සොයා ගෙන තිබෙනවා. ලද තොරතුරක් මතයි, වැටලීම සිදු කර ඇත්තේ.

    ඒවායේ මිල රුපියල් කෝටියක් පමණ වන බව, පොලිසිය පවසනවා. සැකකරු පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

    වැල්ලම්පිටිය පොලිස් වසමේ ඊයේ සිදු කෙරුණු වැටලීමකදී තහනම් මත් කරල් සන්තකයේ තබා ගත් කාන්තාවක අත්අඩංගුවට ගැනුණා. අවුරුදු 61 ක් වයසැති එම කාන්තාව, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි, අනාවරණය වී ඇත්තේ. ලද තොරතුරක් මතයි, වැටලීම සිදු කෙරුණේ

    Last modified on අඟහරුවාදා, 23 ජනවාරි 2024 10:57

    Latest News