මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ජන 23, 2024
    මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (23) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    එහි දී මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ශ්රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධනයන්ට යටත්ව මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මාධ්ය, තාරුණ්ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ද ඊයේ (22) හිමිවුණා.

    Latest News