රන් අලෙවිසැලක සුද්දයක්

ජන 12, 2024
    තණමල්විල නගරයේ පිහිටි රන් ආභරණ වෙළෙඳ සැලක් මංකොල්ලකා තිබෙනවා. වෙළදසැලේ වහලයෙන් ඇතුලුවී සිවිලිම ගලවා ඇතුල්වී ඇති බවයි,හිමිකරුවන් පවසන්නේ.

    රුපියල් ලක්ෂ ගනනක් වටිනා රත්තරන් සහ රිදී වලින් නිමකරන ලද ආභරණ තොගයක් කොල්ලකා ඇති අතර සැකකරුවන්, වෙළදසැලේ ආරක්ෂිත කැමරා පද්ධතිය ද ගලවා අසළ කැලෑවකට විසිකර දමා තිබෙනවා.

    වටිනාකමක් නොමැති ආභරණ රැසක් ද එම කැලෑවට විසිකර දමා තිබිය දී පොලිස් නිලධාරීන් විසින් සොයා ගැනුණා.
     
    සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.

    Latest News