සෙවනගල / පැලවත්ත සීිනි ලාභය රාජ්‍ය භාණ්ඩාගාරයට

දෙසැ 23, 2023

    ලංකා සීනි සමාගමේ සෙවනගල හා පැලවත්ත යන සමාගම් දෙක මගින් රුපියල් බිලියන 1.24ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ලබා දී තිබෙනවා.  

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ භාණ්ඩාගාර ලේකම්වරයාට මෙම මුදල චෙක්පතක් මඟින් පිරිනැමුණා. මෙම මුදල ලබාදීමත් සමග ලංකා සීනි සමාගමේ සේවකයින් හට පාරිතෝෂික දීමනාව ගෙවීමට රජය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ ඇති නිර්ණායක සම්පූර්ණ වන අතර, එමගින් මෙම වර්ෂ අවසානයේ සේවකයින් හට පාරිතෝශික ලබාදීමේ නව ක්‍රමවේදයක් ද හඳුන්වා දෙනු ඇති. මෙම අවස්ථාවට ලංකා සීනි සමාගමේ සභාපති මේජර් ජෙනරාල් සාරද සමරකෝන් මහතා ද එක් වුණා.

    Latest News