"හරක් කාට"ට පළායාමට සැලසුම්කළ පොලිස් ‍කොස්තාපල් පිළිබඳ තොරතුරකට ලක්ෂ 25ක්

ඔක් 21, 2023

    නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් "හරක් කටා" නමැති සැකකරුට පළා යාම සඳහා සැලසුම් කළ පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව සත්‍ය තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යග මුදලක් ලබා දෙන බව, පොලිස් මූලස්ථානය පවසනවා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින හරක් කටා නමැති සැකකරුට, ඉකුත් සැප්තැම්බර් 10 වැනිදා අත්අඩංගුවෙන් මිදී පලා යාමට සැලසුම් සකස් කරන ලද රවිදු සන්දීප ගුණසේකර නමැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා මේ වන විට පලාගොස් සැඟව සිටිනවා.

    සැකකරු සිටින ස්ථානයක් පිළිබඳ හඳුනා ගැනීමට යම් තොරතුරක් දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කෙරෙන බව, පොලිස් මූලස්ථානය අවධාරණය කෙරෙනවා. නිවැරදි තොරතුරු මෙම දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි, ත්‍රස්තවාදී මර්දන සහ විමර්ශන කොට්ඨාසය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    Last modified on සෙනසුරාදා, 21 ඔක්තෝබර් 2023 14:12

    Latest News