ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපති ජීවිතක්ෂයට

ඔක් 21, 2023

    ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රියංකර සිල්වා මහතා අද අලුයම ඇහැලියගොඩ පොලිසියට යාබද ලැගුම්හලේ ඔහු නවාතැන් ගෙන සිටි කාමරය තුළ සිය රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තබා ගෙන මිය‍ගොස් තිබුණා.

    උදෑසන 5.00 ට පමණ ස්ථානාධිපතිවරයා අවදි කිරීම සඳහා යන අවස්ථාවේ ප්‍රියංකර මහතා කාමරය තුළ වැටී සිටින අයුරු අදාළ පොලිස් නිලධාරියා දැක තිබෙනවා. පසුව ස්ථානාධිපතිවරයාව ඇහැලියගොඩ මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි, වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් විසින් සිදු කරනු ලැබ තිබෙනවා‍. මිය ගිය ස්ථානාධිපති ප්‍රියංකර සිල්වා මහතා කළුතර - වාද්දූව ප්‍රදේශයේ පංදිචිකරුවෙක්.

    Latest News