ඔබේ ඇසුත් අතු වෙලාද? පරිස්සමෙන්

ඔක් 12, 2023

    පසුගිය මාස එකහමාරක කාලයක සිට ළමයින් අතර ඇස් රෝගය බෝ වීමේ තත්වයක් නිරීක්ෂණය වන බව, වෛද්‍යවරුන් පවසනවා.

    ඇතැම් විට එය ඇසේ පෙනීමට ද හානි කර තත්වයක් ඇති කළ හැකි බවයි, වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

    මෙම රෝගය බොහෝ විට දරුවන්ට වැලඳී ඇති ස්වසන රෝගාබාධ හා සම්බන්ධතාවක් පවතින බව, විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර මහතා පෙන්වා දෙනවා.

    එහි ප්‍රධානතම රෝග ලක්ෂණ වන්නේ, ඇස් රතු වීම, කඹ ගැලීම හා ඇස්වල පෙනීම බොඳවීමයි. මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම්, ඇස් රෝගය වැලැදී ඇති බවට ‍අනුමාන කළ හැකියි. ඒ අනුව, වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

    පසුගිය කාලයේ පැවති යහපත් සෞඛ්‍ය පුරුදු සමාජයේ දුරස්වී යාම වර්තමානයේ මෙම ඇස් රෝග ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතුවක් වී තිබෙනවා.

    නිතර දෑත් සේදීම, මුව ආවරණ පැලැඳීම, විෂබීජනාශක දියර භාවිතා කර දෑත් පිරිසිදු කිරීම, නිතර දෑස් ඇල්ලීමෙන් වැලැකීම ආදී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ වැදගත්කම වෛද්‍යවරුන් අවධාරණය කරනවා.

    Latest News