‍මීටියාගොඩ දී වෙඩිතැබීමක්

ඔක් 12, 2023

    මීටියාගොඩ‍ පොලිස් වසමේ දී අද අලුයම සිදුවූ වෙඩි තැබීමකින් හතළිස් දෙහැවිරිදි පුද්ගලයෙකු මිය‍ ගොස් තිබෙනවා.

    පොලිස් මාධ්යඩ කොට්ඨාසය පවසන්නේ, පොලිස් පරික්ෂදක බාලේන්ද්රැ මහතා පසුගිය 9 වැනිදා වෙඩි ප්රාහාරයකින් ඝාතනයට ලක්වීම සම්බන්ධ‍ සිද්ධියේ පරික්ෂායවක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු වූ බවයි.

    එම පොලිස් නිලධාරියාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු නිවසක රැදී සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරක් ලැබී තිබෙනවා.

    ඒ අනුව, අදාල ප්රතදේශයේ පිහිටි සැකකටයුතු ස්ථානය පරික්ෂා් කිරීමේ දී එහි රැදී සිටි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කළ බව, පොලිසිය සඳහන් කළා.

    එහිදී, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් ප්රිතිප්රවහාරයක් සිදු කළ අතර, එහිදී එම තැනැත්තා තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය‍ ගොස් තිබෙනවා. ඔහු, වාද්දූව ප්රුදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්රිරයාත්මකයි.

    Latest News