ගජබාහු සුවෙන්

සැප් 08, 2023

    අග්බෝට බෙහෙවින් සමාන ගජබාහු නැමති මෙම හස්තියාගේ ඉදිරි පාදයේ යම් ආබාධයක් ඇති බවට පසුගිය පසුගිය 05 වැනිදා ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ අප වාර්තා කලා.

    වනජීවී ඡායාරූප ශිල්පී ප්‍රියන්ජන දිල්මිත්ගේ කැමරා කාචයේ සටහන්ව තිබුණේ හස්තියා අපහසුවෙන් ගමන් කරන ආකාරයයි.කෙසේ වෙතත් ඊයේ සවස නැවත වරක් ගජබාහු හස්තියා නිරීක්ෂණය වී තිබෙනවා.

    ඊයේ වන විට ඉදිරි පාදයේ ආබාධය දක්නට නොතිබූ බව වනජීවී ඡායාරූප ශිල්පී ප්‍රියන්ජන දිල්මිත් පවසනවා.ඔහු ඊයේ සවස ලබාගත් ගජබාහු හස්තියාගේ ඡායාරූප කීපයක් ද අප වෙත එවා තිබුණා.

    යාන් ඔය ය,මහකනදරාව ආදී ප්‍රදේශ වල සංචරණය ගජබාහු ඉතා අලංකාර හස්තියෙක්.අග්බෝ හස්තියාට සමාන නිසා ඇත් ලෝලීන් විශ්වාස කරන්නේ මෙම හස්තීන් දෙදෙනාම එකම ජානයකින් පැවත එනු ඇති බවටයි.

    Latest News