කමල්ගෙන් පොත් 02ක්

සැප් 07, 2023

    ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පරිවර්තනය කළ නව කතා ද්විත්වයක් සහ නව ගීතයක් එළිදැක්වීමේ උත්සවය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අද පැවැත්වුණා.

    ඒ, කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරතන ශාලාවේදී. “තාරාගේ ආත්මය” හා “කඩොල් ඇතු” යන එම නවකතා ද්විත්වයේ පළමු පිටපත් කමල් ගුණරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. අනතුරුව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කතානායක කරු ජයසූරිය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් වෙත ද කෘතිය පිළිගන් වුණා.

    කමල් ගුණරත්න මහතා රචනා කළ “ඇගේ කඳුලැලි ගීතය”, යසස් මැදගෙදර මහතා විසින් සංගීතවත් කරනු ලැබූ අතර, ප්‍රවීණ නව පරපුරේ ගායන ශිල්පී ගායිකා අභිෂේකා විමලවීර මහත්මිය විසින් එය ගායනා කළා. මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා විසින් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවා. මහා සංඝරත්නය ද සර්වාගමික පූජකවරුන් ද අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News