සඳ ඇල්ලූ ජපානය

සැප් 07, 2023
    සාර්ථක ලෙස නවතම රොකට්ටුවක් ගුවන්ගත කරමින් ජපානය ද සඳ ගවේෂණයට අද එක් වුණා.

     චන්ද්ර ගවේෂණ ලෑන්ඩරයක් සහිත රොකට්ටුවක් ජපානය මෙලෙස අභ්යවකාශ ගත කරන්නේ, මෙම වසරේ සිව්වැනි වරටයි.

    "මූන් ස්නයිපර්" ලෙස නම් කර ඇති මෙම නවතම ජපාන සඳ ගවේෂණ මෙහෙයුම අයහපත් කාලගුණය හේතුවෙන් ඉකුත් මාසයේදී තුන් වතාවක් කල් දමනු ලැබුවා.
    ඉකුත් වසරේදී ද සඳ මතුපිටට ළඟාවීමට ජපානය විසින් දරණ ලද උත්සහය දෙවරක් අසාර්ථක වූ බවයි, වාර්තා වන්නේ.
    එරට "ටනෙගාෂිමා" වෙරළ තීරයේදී අද උදෑසන ජපාන අභ්යවකාශ ගවේෂණ ඒජන්සිය විසින් දියත් කරන ලද "එච් අයි අයි ඒ" රොකට්ටුව මගින් එක්රේ දුරේක්ෂයක් සහිත චන්ද්රිකාවක් අභ්යවකාශය වෙත රැගෙන යනු ලැබූ බව, එරට මාධ්ය වාර්තා කරනවා.
    මෙම නවතම සඳ ගවේෂණ යානය මාස 4 ක කාලයක් තුළදී චන්ද්රයාගේ කක්ෂයට ඇතුළු වීමට නියමිත බවයි, එම මාධ්ය සඳහන් කරන්නේ.
    එහි දුරේක්ෂය මගින් විශ්වයේ වඩාත් ජවසම්පන්න ස්ථාන කිහිපයක් අධ්යයනය කිරීමට තාරකා විද්යාඥයින්ට අවස්ථාව උදාවනු ඇති.
    චන්ද්රයා පිළිබඳව මෙන්ම, කළු කුහර වැනි අභ්යවකාශ සන්සිද්ධීන් පිළිබඳව ද එහිදී අධ්යයනය කිරීමට නියමිතයි.

    Latest News