වියට්නාමය සහ ශ්‍රී ලංකා අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කෙරේ

අගෝ 18, 2023

    වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීමට වියට්නාම රජය සිය එකඟතාව පළකර තිබෙනවා.

    ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වියට්නාම උප ජනාධිපති ට්‍රාන් ලු ක්වාං මහතා අතර චීනයේ පැවති ද්විපාර්ශ්වික හමුවක දී. ‍එහිදී දෙරට අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දැනට පවතින හවුල් ව්‍යාපාරවලට අමතරව නව වෙළෙඳ සහ ආයෝජන ක්‍ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. එමෙන්ම, වියට්නාමයේ ආයෝජනයෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් වෘත්තිකයන්ට හා පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා හිමි වන බවද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නා.

    තේ, පොල්, රබර්, ධීවර හා කෘෂි කර්මාන්ත, විකල්ප බලශක්ති සහ පතල් කැණීම් කෙරෙහි ද, සාකච්ඡාවේ දී විශේෂ අවධානයක් යොමු කෙරුණා. දෙරට අතර ගුවන් ගමන් වැඩිකිරීම, සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය විමට ඉවහල් වන බැවින් බෞද්ධ සිද්ධස්ථානවලට සංචාරක පැමිණීම ප්‍රවර්ධනයට සහයෝගයෙන් කටයුතු කිරීමට ද වියට්නාම රජය සිය එකඟතාව පළ කර තිබෙනවා.

    Latest News