වීරකැටියේ පාළු වත්තක අත්බෝම්බයක් (වීඩියෝ)

මාර් 26, 2019

    වීරකැටිය විතාරන්දෙණියේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබේ.

    විතාරන්දෙණිය දකුණ එරඩුයාය මාර්ගයේ පාළු ඉඩමක තිබී මෙම ජීව අත්බෝම්බය පසුගිය 24 වනදා සොයාගෙන ඇත. එම ඉඩම එළිපෙහෙළි කිරීමට පැමිණි කාන්තාවක් මෙම බෝම්බය දැක ඒ පිළිබඳව විතාරන්දෙණිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් දැනුවත් කර තිබේ.

    ඉන්පසුව ඔවුන් වීරකැටිය පොලීසිය දැනුවත් කර එම අත්බෝම්බය අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අධිකරණ නියෝග මත ඊයේ(25) පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එය නිශ්ක්‍රීය කරනු ලැබීය.

    මෙම අත්බෝම්බය SFG 82 වර්ගයේ අත්බෝම්බයක් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. මේ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකයේ සූරියවැව බෝම්බ නිශ්ක්‍රිය අංශයේ පොලිස් පරීක්ෂක W. G. M. සිල්වා ඇතුළු නිලධාරීන් එක් වී ඇත.

     

    Last modified on අඟහරුවාදා, 26 මාර්තු 2019 13:05

    Latest News