මේ වසරේදී පුරන් කුඹුරුවලින් අක්කර 11,000 වගා කිරීමට පියවර

ජූලි 28, 2023

    මේ වසරේදී මෙරට පුරන් කුඹුරුවලින් අක්කර 11,000 වගා කිරීමට පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

    වගා කෙරෙන අක්කරයක් සඳහා රුපියල් 36,000 ක මූල්‍ය සහනාධාරයක් ගොවීන්ට ලබා දීමට නියමිතයි.

    මේ වන විට රට පුරා වගා නොකර පවතින පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර හතළිස්දහසකට අධිකයි. ඉන් 25,192 ක් වී වගාව සඳහා යොදා ගත හැකියි. බස්නාහිර පළාත තුළ අක්කර 1075 ක්, මධ්‍යම පළාතේ අක්කර 682 ක්, දකුණු පළාතේ අක්කර 1700 ක්, හා උතුරු පළාතේ අක්කර 788 ක් ද, වයඹ පළාතේ අක්කර 388 ක් සහ ඌව පළාතේ අක්කර 11 ක් ද සබරගමුව පළාතේ අක්කර 1403 ක් ද වගා කිරීමට සැලසුම් කර තිබෙනවා. පුරන් කුඹුරු වගා කිරීමේ වැඩසටහන යටතේ ඉදිරියේදී සියලුම දිස්ත්‍රික්කවල පුරන් කුඹුරු වගා කිරීමට ගත හැකි නෛතික ක්‍රියාමාර්ග මෙන්ම, එලෙස වගා නොකරන ඉඩම් රජයට පවරා ගැනීම පිළිබඳවදද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

    Latest News