දෙරට අතර මෙන්ම කලාපයේ පුළුල් වර්ධනයක් සහ සමෘද්ධිය අරමුණු කර ගනිමින් මෙම දැක්මෙහි කඩිනම් ප්‍රගතියක් අත් කර ගැනීම සඳහා කැප වන ලෙස දෙරටෙහි නායකයින් අද අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා. සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලි සබඳතා, වෙළෙඳ ආර්ථික හා මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 5 ඔස්සේ එළිදැක්වුණු හවුල්කාරිත්ව දැක්ම පිළිබඳ නායකයින් දෙදෙනාම එකඟතාව පළ කර තිබෙනවා.
ඒ අනුව, දෙරට අතර සමූද්රීෙය සබඳතාවය තහවුරු කිරීම සඳහා කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති. කලාපීය සැපයුම් සහ නාවික කටයුතු ඒකාබද්ධ කිරීමට කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරායන්හි සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම ඊට ඇතුළත්. ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී බෝට්ටු සේවා නැවත ආරම්භ කිරීම මෙන්ම, තලෙයිමන්නාරම සහ එකඟ වූ අනෙකුත් ස්ථාන අතර මගී බෝට්ටු සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීමට ද අවධානය යොමු කෙරුණා.
ගුවන් සබඳතා තහවුරු කිරීම සඳහා ද කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. නැවත ආරම්භ කෙරුණු යාපනය සහ චෙන්නායි ගුවන් ගමන් කොළඹ දක්වා පුළුල් කිරීම මෙන්ම, චෙන්නායි සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ගමනාන්ත අතර සබඳතා ගවේෂණය කිරීම, පලාලි ගුවන්තොටුපොළේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළුව සිවිල් ගුවන් සේවා සඳහා ආයෝජනය එම කරුණු දෙකයි. බලශක්ති සහ විදුලිබල සම්බන්ධතාව තහවුරු කිරීම සඳහා කරුණු 6 ක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතාවකින් යුත් බලශක්ති ජාල අන්තර් සම්බන්ධතාවක් ඇති කිරීම, සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ එල් එන් ජී යටිතල පහසුකම් පිළිබඳව ඇති කර ගත් එකඟතාව ක්‍රියාවට නැංවීම, ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්රජන් සහ හරිත ඇමෝනියා ගවේෂණය, කර්මාන්ත බලශක්ති හා ආර්ථික ක්රිකාරකම්වල ජාතික හා කලාපීය කේන්ද්රීස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය තවදුරටත් සංවර්ධනය කිරීම එම එකඟතාවලට ඇතුළත්. එමෙන්ම, ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නළ මාර්ගයක් ඉදි කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරිම, මෙරට අක්වෙරළ ද්‍රෝණිවල හයිඩ්‍රෝ කාබන් නිෂ්පාදනය සඳහා ඒකාබද්ධ ගවේෂණයක් සිදු කිරීමට ද, මෙහිදී එකඟතාව පළ වුණා.
වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සම්බන්ධතා තහවුරු කිරීම සඳහා කරුණු 5ක් කෙරෙහි අවධානය යොමු කෙරුණා. දෙරටෙහි ආයෝජකයින්ට සාධාරණ ලෙස සැලකීම තුළින් අන්‍යෝන්‍ය ආයෝජන සඳහා පහසුකම් සැලසීමට මෙමගින් එකඟ වී තිබෙනවා. ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායන් සහ විවිධ ක්ෂේත්රවල නිෂ්පාදන හෝ ආර්ථික කලාපවලට ඉන්දියාවෙන් කෙරෙන ආයෝජන සඳහා පහසුකම් සැලසීම, ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම ද, දැක්මට ඇතුළත්.
දෙරට අතර වෙළෙඳ ගනුදෙනු පියවීම සදහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල නම් කිරීමට ගත් තීරණය වඩාත් ශක්තිමත් කිරීම සහ ඩිජිටල් ගෙවීම් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී එකඟතාව පළ වුණා. ශ්‍රී ලංකාවේ පුරවැසි කේන්ද්‍රීය සේවාවන් ඵලදායි හා කාර්යක්ෂමව සැපයීමට ඉන්දියාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමටයි, එකඟතාව පළ වී ඇත්තේ. පුද්ගල සහ පුද්ගල සම්බන්ධතාවයන් තහවුරු කිරීම සඳහා ද කරුණු 4 ක් කෙරෙහි අවධානය යොමු වුණා.
සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා දෙරටෙහි බෞද්ධ, හින්දු සහ අනෙකුත් ආගමික ස්ථාන පිළිබඳව දැනුවත් කිරීම, ශ්‍රී ලංකාව තුළ නව උසස් අධ්‍යාපන සහ නිපුණතා මණ්ඩප පිහිටුවීම, මෙන්ම, දෙරටේ අධ්‍යාපන ආයතන අතර සහායෝගිතාව ගවේෂණය කිරීම, ආර්ථික හවුල්කාරිත්ව දැක්මට ඇතුළත්. එමෙන්ම, පර්යේෂණ සහ අධ්‍යයන ආයතන අතර අන්තර් සහයෝගිතාව පුළුල් කිරීම ද ඊට ඇතුළත්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර,ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ඉදිරිකාලයේ දී සිදු කිරීමට ද මෙහිදී එකඟතාව පළ වුණා. මෙම හවුල්කාරිත්ව දැක්මේ කඩිනම් ප්‍රගතියක් අත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ද නායකයින් දෙපළ නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.