මනම්පිටිය ඛේදවාචකයේ මරණ 11ක්..

ජූලි 10, 2023

    පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලම අසළදී බස් රථයක් ඔයට පෙරලීමෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෙම අනතුරින් පුද්ගලයන් 35කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර එම පිරිස මනම්පිටිය සහ පොලොන්නරුව රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

    මියගිය පුද්ගලයන් අතර අවුරුදු 17 ළමයෙක් සහ කාන්තාවක් සිටින බව පොලිසිය පවසයි.

    බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සිරුරු අත්දැයි සොයා බැලීමට නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරෙනවා.

    බස්රථය පාලම මතින් 75%ක දුරක් ධාවනය කර ඇති අතර ඉන් පසු ඔයට පෙරලී ඇති අතර පාලමට ආසන්න කැලෑබද ප්‍රදේශයේ දී බසය අධික වේගයෙන් ධාවනය වී ඇති බව මගීහු පවසති.

    බසය අධික වේගයෙන් පැමිණියාද පාලම උඩදී ටයරයක් පිපිරීමෙන් සිදුවුවක් ද යන්න පිළබඳව පොලිස් පරීක්ෂණ සිදු කෙරෙනවා.

    බස් රථය ධාවනය කෙරුණේ කදුරුවෙල සිට අක්කරෙයිපත්තු දෙසයි.

    Latest News