ජනපති කොමිසම - ඖෂධ මිලදී ගැනීමක් ගැන පරික්ෂණයක්

මාර් 25, 2019

    රාජ්‍ය ආයතනවල දූෂණ අක්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම සාක්‍ෂි විමසීම අද ආරම්භ කෙරිණ.

    මහරගම අපේක්‍ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීමේදී සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් කිරි ගවයින් ආනයනයේ දී සිදුවී ඇතැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳව ද විමර්ශනය කර තිබේ.

    2015 ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලයේ රජයේ ආයතනවල සිදුවූ බවට සැලකෙන දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා විසින් මෙම කොමිසම පත් කරනු ලැබීය. විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවේ සාමාජික සංඛ්‍යාව 4ක්.

    අද රජයේ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මහත්මිය ප්‍රමුඛ රජයේ නීතිඥ කණ්ඩායමක් පැමිණිලි මෙහෙයවනු ලැබීය. රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් කොමිසමට ලැබී ඇති පැමිණිලි සහ පෙත්සම් සංඛ්‍යාව 1,310ක් වේ. ඒවා අතරින් පැමිණිලි 48ක් මූලික විමර්ශන සඳහා මෙම කොමිසම යටතේ අනුයුක්තව ඇති පොලිස් ඒකකය වෙත බාරදී තිබේ.

     

     

     

     

    Last modified on සදුදා, 25 මාර්තු 2019 19:16

    Latest News