කොළඹ වරායේ මෙහෙයුම් වර්ධනයට සගලගෙන් සැලසුමක්

මාර් 25, 2019

    කොළඹ වරායේ ධරිතාවය වැඩි කිරිමට කාලය පැමිණ ඇති බැවින් එහි නැඟෙනහිර පර්යන්තය සංවර්ධනය කර වඩා කර්යක්ෂතාවක් ඇති කිරිමට කෙටි කාලයක් තුළ ක්‍රියා කරන බව වරාය හ නවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නයක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මෙසේ පැවසී ය.

    අමාත්‍ය සාගල රත්නයක මහතා "තවමත් වාරය අධිකාරියේ බහලු මෙහෙයුම් අනෙක් සමාගම්වලට වඩා වැඩියි. පසුගිය අවුරුදු කීපයේ වරාය හා නාවික ක්ෂේත්‍රයේ ජයග්‍රහන හා අභියෝග රාශියක් තිබුණා. මේ ක්ෂිත්‍රයේ ප්‍රමානාත්මක හා ගුනාත්මක වර්ධනයක් අත්කරගැනීම අපේ ඉලක්කයයි.

    ලෝකයේ ඉහළම බහලුම් මෙහෙයුම් වරාය ලෙස ඉහළට පමිණිමට හැකිවීමයි. ශ්‍රී ලංකාව ලෝක වරාය ශ්‍රේණිගත වීමේ ප්‍රථම ස්ථානයට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථම වරටයි. මිලියන 07ක බහලුම් ධාරිතාවක් පසුගිය වසරේ කොළඹ වරායේ සිදු කළා. විශාල අභියෝගයකට මුහුණ දෙන්න වෙල තිබෙනවා. ඉතාම ඉක්මනින් කොළඹ වරායේ ධාරිතාව වැඩි කරගන්න සිදුව තිබෙනවා. වරායේ ධාරිතාව පුළුල් කිරීමේ තීන්දු ගැනීම පසුගිය කලයේ ඇතැම් තීන්දු නිසා ප්‍රමාද වුණා. ඒ වරද නිවැරැදි කළ යුතුයි.

    ධාරිතාවය අවසන් වෙමින් යනවා. ජයබහලු පර්යන්තයේ පස්වැනි කොටස කැබිනට් ගිහින් අනුමත වී අවසන්. ඊ.සි.ටී.පර්යන්තය දියුණු කළ යුතුයි. එහි කොටසක් ඉදි කර තිබෙන්නේ. විවිධ යෝජනා තිබුණා. ඒ යෝජනා කතා කරලා හොඳ තැනකට එන්න පුළුවන් වුණා. කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය සංවර්ධනය කරනවා. ජපානයෙන් සහනදයි ණය සහනයක් ලැබෙනවා. සමගමක් හදනවා මෙහෙයුම් කටයුතු කරන්න. පර්යන්තයේ අයිතිය වරයා අධිකාරියටයි තිබෙන්නේ. කොළඹ වරායේ කටයුතු වඩා කර්යක්ෂතාවයකින් සිදු කිරීමට කෙටි කාලයක් තුළ සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. ගාල්ල වරාය සංචාරක වරයක් ලෙස සංවර්ධනය කරනවා. ත්‍රීකුණාමලය වරාය සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනය කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    Latest News