සටන්කාමීන්, පොලිස් සහ ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් ස්මාරකයක්

මැයි 23, 2023

    ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තා හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය අය සිහි කිරීම සඳහා ස්මාරකයක් ස්ථාපනය කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    එම යෝජනාව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක්. 

    සිවිල් කැලඹිලි ස්වභාවයන්ට, දේශපාලන නොසන්සුන්තා, ජනවාරිගික ගැටුම් සහ දීර්ඝ කාලීන සන්නද්ධ ගැටුමකින් යුතු ඉතිහාසයකට ලංකාව මුහුණු දී තිබෙනවා.

    එම කාලය තුළ සියලු ජනවර්ග, ආගම්, වෘත්තීන් සහ වෙනත් අනන්‍යතාවයන්ට අයත් පුරවැසියන් විවිධ දුක් වේදනාවන්ට අසීමිත ලෙස භාජනය වී ඇත.

    කෙසේවෙතත් පුරවැසියන්ගේ සාමය හා ආරක්ෂාව අනතුරේ හෙළමින් සහ සමාජ හා ආර්ථික පද්ධති කඩාකප්පල් කරමින් එවැනි සිදුවීම වරින්වර මතුවීමේ ප්‍රවණතාවයක් ඇති බව ද රජය සඳහන් කරනවා.

    ඒ අනුව 2018 අංක 34 දරන හානිපූර්ණය සඳහා වන කාර්යාල පනත මඟින්, අනුස්මරණ සහ වෙනත් යටිතල පහසුකම් ආකාරයෙන් සාමුහික හානිපූර්ණයට පත් ජනතාව වෙනුවෙන් පිළියමක් සඳහා ඇති අයිතිය වශයෙන් පිළිගෙන ඇත.

    ඒ අනුව ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැලඹිලි අවස්ථාවන්හි ප්‍රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලූම පුද්ගලයින් අනුස්මරණය සඳහා සංහිඳියාවේ සහ ප්‍රතිසන්ධානයේ සංකේතයක් ලෙස කොළඹ නගරයේ සුදුසු ස්ථානයක ඉඳිකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

    Latest News