උද්භිත උද්‍යානවල ඇතුල්වීමේ ගාස්තු ඉහළට

මැයි 23, 2023

    ජුලි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

    සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වන්නේ.

    ඒ අනූව, දේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200ක් වන අතර ළමුන් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 30ක් වනවා.

    මීට පෙර වැඩිහිටියන් සඳහා රුපියල් 100ක් සහ ළමුන් සඳහා රුපියල් 20ක් ලෙස අයකිරීම් සිදුකෙරුණේ.

    එමෙන්ම විදේශීය වැඩිහිටි සඳහා උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3,000ක් වන අතර විදේශීය ළමුන් සඳහා එම ගාස්තුව රුපියල් 1,500ක් බවයි වාර්තා වන්නේ.

    විදේශීය වැඩිහිටියන් සඳහා මීට පෙර අයකිරීම සිදුවූයේ රුපියල් 2,000ක් වන අතර ළමුන් සඳහා රුපියල් 1,000ක් අය කරනු ලැබීය.

    Latest News