ඩෙංගු රෝගීන් වාර් තාවීම ඉහළට

ඔක් 20, 2022

    ඩෙංගු රෝගීන් 63,071 ක් වාර් තා  වී ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    බස්නාහිර පළාත සහ ගාල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර් තා වන බවයි, එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ.

    දිස්ත්‍රික්ක 11 ක‍ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60 ක ස්ථාන 2700 ක් මදුරුවන් සහ මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා. එබැවින්, මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීමට ක්‍රියා කළ යුතු බවයි, වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ.

    Latest News